Delivery Information / බාරදීමේ තොරතුරු


අප ඔබ වෙනුවෙන් ඉහල ගුණාත්මක සේවාවක් සැපයීමට නිරතුරුවම සැදී පැහැදී සිටින්නෙමු.පහත කරුණු කියවා එකඟනම් පමණක් පමණක් ඔබගේ ඇණවුම තබන්නට කාරුණික වන්න.


1. ඔබගේ ඇණවුමෙහි වටිනාකම Rs.1500/= කට වැඩිනම් සහ පාර්සලයෙහි බර 200g ට අඩුනම් පමණක් අදාල තැපැල් ගාස්තු අය කිරීමකින් තොරව ඔබේ ඇණවුම ඔබේ නිවසටම අප විසින් එවනු ලැබේ. ඔබගෙහි ඇණවුමෙහි වටිනාකම Rs.1500.00 ට අඩුනම් අදාල තැපැල් ගාසතුව ඔබේ ඇණවුමට එකතුවනු ඇත. 200g ට වැඩි පාර්සල් කුරියර් සේවාව මඟින් පමණක් එවන අතර එයට අදාළ ගාස්තුව ඔබ විසින් දැරිය යුතු වේ.


2. ඔබ විසින් ඇණවුම තබන දිනට පසු දින (පහත අංක 3 කරුණට අනුකූලව) ඔබගේ ඇණවුම කල භාණ්ඩ ලියාපදිංචි තැපැල් හෝ කුරියර් සේවාවට (ඉහත අංක 1 කරුණට අනුකූලව) භාරදෙන අතර එම දින සිට දින 1 - 2 ක කාලයක් තුල අදාළ ලිපිනයට ඇණවුම ලැබෙනු ඇත.ඔබ ඇණවුම තබන දිනට පසු දින රජයේ නිවාඩු දිනයක්නම් ඉන් පසුව පැමිණෙන පළමු වැඩකරන දිනයේ සිට දින 1 - 2  ක කාලයක් තුල ඔබගේ ඇණවුම ඔබට ලැබෙනු ඇති අතර ඔබ ඇණවුම තබන්නේ සිකුරාදා දිනකනම් ඉන් පසුව එළඹෙන පළමු වැඩකරන දින සිට දින දෙකක් තුල ඔබගේ ඇණවුම ඔබ වෙත ලැබෙනු ඇත.ඇණවුම ඔබ වෙත එවන්නේ ලියාපදිංචි තැපැල් සේවාව මඟින්ද , එක් දින කුරියර් සේවාව මඟින්ද යන්න ඇණවුමෙහි වටිනාකම සහ බර අනුව අප විසින් තීරණය කෙරෙනු ඇත.නමුත් ඔබට අවශ්‍යනම්පමණක් ඕනෑම ඇණවුමක් එක්දින කුරියර් සේවාව මඟින් ගෙන්වාගත හැක.අදාළ කුරියර් ගාස්තු ඔබ විසින් දැරිය යුතු වේ.

3.ඔබගේ ඇණවුම සඳහා මුදල් ගෙවීම උදෑසන 11.00 ට පෙර තහවුරු කළහොත් එදිනම ඇණවුම අදාළ ලියාපදිංචි තැපැල් හෝ කුරියර් සේවාවට බාරදෙනු ලබන අතර උදෑසන 11.00 ට පසුව මුදල් ගෙවීම් තහවුරු කරන ඇණවුම් ඊට පසු දින අදාළ ලියාපදිංචි තැපැල් හෝ කුරියර් සේවාවට බාරදෙනු ලැබේ.(වැඩකරන දිනයන් වල පමණි)


3.ඔබගේ ඇණවුම එක්දින සේවා මඟින් (Courier Service) දිනක් තුල ගෙන්වාගැනීමට අවශ්‍යයනම් ඇණවුම කරන අවස්ථාවේ අදහස් දැක්වීමට ඇති කොටස තුල ඒ බව සඳහන් කරන්න හෝ ඇණවුම කිරීමෙන් පසුව මුදල් ගෙවූ බව තහවුරු කරන අවස්ථාවේ ඒ බව දැනුම්දෙන්න.එක්දින සේවා සඳහා අදාළ ගාස්තුව ඇණවුම භාරගන්නා අවස්ථාවේ ඔබ විසින් ගෙවිය යුතු වේ.


4. සියළුම උපාංග පරික්ෂා කර දෝෂ රහිත බව තහවුරු කරගැනීමෙන් පසුව ඔබට එවන අතර ඔබගේ ඇණවුම ඔබ අතට ලැබුණු පසු යම් ගැටළුවක් වේනම් දින 1-3 අතර අපවෙත දැනුම් දීමට කාරුණික වන්න.


5. ඔබගේ ඇණවුම ඔබට ලැබුණු පසුව එය ලැබුණු බවට ඔබට පහසු ආකාරයකට අප වෙත දන්වා සිටිය හැකිනම් ඉතා අගය කර සිටින්නෙමු.

වැඩිදුර විස්තර සඳහා අපව සම්බන්ධ කරගැනීමට මෙතනින්  පිවිසෙන්න.





@Duinolk Team

Top