Delivery Information


අප ඔබ වෙනුවෙන් ඉහල ගුණාත්මක සේවාවක් සැපයීමට නිරතුරුවම සැදී පැහැදී සිටින්නෙමු.පහත කරුණු කියවා එකඟනම් පමණක් පමණක් ඔබගේ ඇණවුම තබන්නට කාරුණික වන්න.
Delivery Method | ඇණවුම් ඔබ වෙතට එවන ක්‍රමයන්. 

ඔබ ඇණවුම තබන අවස්ථාවේ ඔබේ ඇණවුම එවිය යුතු ක්‍රමය පහත කරුණු වලට අනුකූලව ඔබේ කැමැත්ත පරිදි තේරිය හැක.

01. By Courier Service (1-2 business days) – Rs.480.00 *Up to 10Kg
      ඕනෑම වටිනාකමක් හෝ බරක් වන ඇණවුම් සඳහා මෙය තේරිය හැකි අතර දින 1-2ක් තුල ඇණවුම ඔබවෙත ලැබෙනු ඇත.
04. Pickup From Store – Rs.0.00
      ඔබගේ ඇණවුම අපගේ පන්විල ආයතනයට පැමිණ ලබාගන්නේනම් පමණක් මෙය තේරිය හැක.
1 . ඔබ විසින් ඇණවුම තබන දිනට පසු දින (පහත අංක 2 කරුණට අනුකූලව) ඔබගේ ඇණවුම කල භාණ්ඩ කුරියර් සේවාවට (ඉහත කරුණු වලට අනුකූලව) භාරදෙන අතර එම දින සිට ඉහතින් සඳහන් කල පරිදි අදාළ දින ගණන තුල අදාළ ලිපිනයට ඇණවුම ලැබෙනු ඇත.ඔබ ඇණවුම තබන දිනට පසු දින රජයේ නිවාඩු දිනයක්නම් ඉන් පසුව පැමිණෙන පළමු වැඩකරන දිනයේ සිට ඉහත සඳහන් පරිදි අදාළ දින ගණන තුල ඔබගේ ඇණවුම ඔබට ලැබෙනු ඇති අතර ඔබ ඇණවුම තබන්නේ සිකුරාදා දිනකනම් ඉන් පසුව එළඹෙන පළමු වැඩකරන දින සිට අදාල දින ගණන තුල ඔබගේ ඇණවුම ඔබ වෙත ලැබෙනු ඇත.
2.ඔබගේ ඇණවුම සඳහා මුදල් ගෙවීම උදෑසන 11.00 ට පෙර තහවුරු කළහොත් එදිනම ඇණවුම අදාළ ලියාපදිංචි තැපැල් හෝ කුරියර් සේවාවට බාරදෙනු ලබන අතර උදෑසන 11.00 ට පසුව මුදල් ගෙවීම් තහවුරු කරන ඇණවුම් ඊට පසු දින අදාළ කුරියර් සේවාවට බාරදෙනු ලැබේ.(වැඩකරන දිනයන් වල පමණි)
Note- ඇණවුම් සදහා අදාළ ගෙවීම තහවුරු කල පසුව පමණක් භාණ්ඩ ඔබ වෙත එවන අතර ප්‍රායෝගික ගැටළු නිසාවෙන් Cash On Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම) ක්‍රමයට භාණ්ඩ එවීම සිදු කරනු නොලැබේ.
3.ඔබගේ ඇණවුම ඉතා ඉක්මණින් ඔබවෙත ගෙන්වාගැනීමට අවශ්‍යයනම් ඇණවුම තබන අවස්ථාවේ Checkout Page එක තුලදී Shipping Method සඳහා “By Courier Service” යන්න තෝරන්න. courier සේවාව සඳහා අදාළ ගාස්තුව ඔබේ ඇණවුමෙහි ශේෂයට එකතුවන අතර එසේ නොකර මුදල් ගෙවීමෙන් පසුව එක්දින සේවාවෙන් ඉල්ලුම් කරනු ලබන ඇණවුම් සඳහා අදාළ වන ගාස්තු ඇණවුම භාරගන්නා අවස්ථාවේ ඔබ විසින් ගෙවිය යුතු වේ.
භාණ්ඩ ලැබුණු පසු
4. ඔබ, අදාල උපාංග භාවිතයට නවකයෙකුනම් හෝ අද්දැකීම් නොමැතිනම් භාවිතයට පෙර අන්තර්ජාලය මඟින් හෝ දැණුම ඇති අයෙකු මඟින් ඒ පිළිබඳව වැඩි දුර අවබෝධයක් ලබාගැනීමෙන් පසුව භාවිතයට යොමු වීම මඟින් අදාළ උපාංග හෝ උපාංගයට සිදුවන හානි වීම් වළක්වා ගත හැක.
සියළුම උපාංග පරික්ෂා කර දෝෂ රහිත බව තහවුරු කරගැනීමෙන් පසුව ඇසුරුම් කර ඔබ වෙත එවන අතර ඇණවුම ඔබ අතට ලැබුණු පසු දින 1-3 අතර සියළු උපාංග පරික්ෂා කර බැලීම ඔබගේ වගකීම වන අතර යම් ගැටළුවක් වේනම් භාණ්ඩ ලැබී දින 3ක් තුල අප වෙත දැනුම් දිය යුතුයි. සහ ඔබ උපාංග සවිකර ඇති ආකාරය පැහැදිලිව පෙනෙන ලෙස whatsapp මඟින් චායාරූපයක් යොමුකිරීමට කාරුණික වන්න.
වැරදි ධාරාවන් ලබාදීම,වැරදි සම්බධ කිරීම් මඟින් සිදුවන හානි සඳහා අප කිසි විටෙකත් වගකියනු නොලැබේ.එමෙන්ම යම් ගැටළුවක් වේනම් භාණ්ඩ ලැබී දින 3ක් තුල පරික්ෂාකර සම්පුර්ණ දින 6ක් තුල නැවත අපවෙත එවිය හැකිවන අතර එසේ එවන උපාංග අපගේ තාක්ෂණික ශිල්පින් විසින් දින 3-7 අතර කාලයක්ප තුල පරික්ෂා කෙරෙනු ඇත.ඔබ නැවත අප වෙත එවන උපාංග වල කිසිඳු ගැටළුවක් නොමැතිනම් සහ උපාංග පිළිබඳව ඔබේ අනවබෝධය නිසා නැවත ඒවා ඇත්නම්, ඔබගේ අත්වැරැද්දක් නිසා අදාල උපාංග වලට හානිවී ඇත්නම් අදාළ එවීම් සහ යැවීම් සඳහා වන ගාස්තු ඔබ විසින් දැරිය යුතු වේ. තාක්ෂණික ශිල්පීන්ගේ පරීක්ෂාවෙන් පසු යම් ගැටළුවක් වේනම් ඒ වෙනුවට නව උපාංග නිකුත් කරන අතර දින 3ක් තුල ඔබ වෙත එවනු ඇත.
5. ඔබගේ ඇණවුම ඔබට ලැබුණු පසුව එය ලැබුණු බවට ඔබට පහසු ආකාරයකට අප වෙත දන්වා සිටිය හැකිනම් ඉතා අගය කර සිටින්නෙමු.
වැඩිදුර විස්තර සඳහා අපව සම්බන්ධ කරගැනීමට 0710 360355 whatsapp හෝ “Contact Us” වෙත පිවිසෙන්න.
@Duinolk Team

SHOPPING CART

close