03.Arduino Sound Activated Switch ගෙදර විදුලි උපකර්ණ අත්පුඩි හඬින් පාලනය කරන්නෙ මෙහෙමයි. Leave a comment

ආයුබෝවේවා!
එහෙනම්  ඔන්න තවත් එකක්.   මේක ටිකක් ආසාවෙන් කරන්න පුළුවන් වැඩක්.වගේම එදිනෙදා කටයුතු වල දී වෙලාව ඉතිරිකරගන්න වගේම පහසුවට යොදාගන්නත් පුළුවන්.ඔයාගේ කාමරයේ ලයිට් එක අත්පුඩි හඬකින් ඔන් කරගන්න ඔෆ් කරගන්න පුලුවන්නම්,කාමරයේ දොර අත්පුඩි හඬින් ලෝක් කරන්න අන්ලොක් කරන්න පුලුවන්නම් ඒ කොහොමද ඒක මාරු නෙහ්. ඉතින් මේ ක්‍රියාකාරකමේ දී අපි කරන්න යන්නේ අත්පුඩි හඬින් ලයිට් එකක් ඕන ඔෆ් කරන්න,මොටෝර් එකක් ඕන ඔෆ් කරන්න විදුලි ගේට්ටුවක් අරින්න වහන්න වගේ ඕනෑම දෙයක් කරගන්න පුළුවන් විදිහට Relay එකක් පාලනය කරන්න.මේක අත්පුඩි හඬින් විතරක් නෙවෙයි වචන භාවිතයෙන් ඒ කියන්නේ අපිට කටහඬින් පාලනය කරන්නත් පුළුවන්.ඒ ගැන වෙනම පොස්ටුවකින් ලියන්නම් නැත්නම් පොස්ටු දිග වුනාම ගැටළු වැඩි වෙනවා ඔයාලට. මොකද මන් ලියන Projects ගැන ඔයාලට අත්හදා බලන්න ආසා හිතෙන විදිහට කෙටියෙන් පැහැදිලිව ලියන්නයි මන් උත්සහ කරන්නේ.

මේ ක්‍රියාකාරකම සඳහා අවශ්‍යය වෙන්ව මෙන්න මේ ටික

1 X Sound Detection Sensor
1 X Relay Module
1 X Arduino Uno/Mega/Nano/Promini

පහත පරිපථ ඇමුණුම් සටහන අනුව උපාංග සියල්ල නිවැරදිව සම්බන්ධ කරගන්න.

Sound Detection Sensor     Arduino
GND                                             GND
VCC                                               5V
OUT                                              D4

Relay Module                         Arduino
GND                                            GND
VCC                                              5V
S                                                    D5
COMMON                                  L IN (220VAC)
NC                                                TO DEVICE

ඇමුණුම් සටහන

මෙහි එක වරක් අත්පුඩි හඬ නැගු විට output එක ඔන් වෙනවා.නැවත වරක් අත්පුඩි හඬ නැගු විට output එක ඔෆ් වෙන්ව.ඔයාලගේ හැකියාවන් එකතුකරලා මෙය අත්පුඩි හඬ රටාව අනුව output කීපයක් වෙන වෙනම පාලනය කරගැනීමට උත්සහ කරලා බලන්න.ඒ කියනෙන් අත්පුඩි හඬ දෙකක් යෙදු විට එක output එකක් අත්පුඩි හඬ තුනක් යෙදු විට තව output එකක් ඔන් ඔෆ් වීමට වගේ.පහතින් Arduino Code එක බාගන්න .

එක අත්පුඩි හඬට output එක පාලනය කිරීමට

Download :-

Sound_Activated_Switch_1clap.zip

අත්පුඩි හඬ දෙකකින් output එක පාලනය කිරීමට

Download :-

Sound_Activated_Switch_2clap.zip

ඔන්න එහෙනම් හදල බලන්න.ඔයාගේ කාමරයේ නැත්නම් ගෙදර උපකරණ අත්පුඩි හඬින් පාලනය කරන්න බලන්න.ඔයාල මේක අත්හදා බැලුවනම් ක්‍රියාකාරකමේ ෆොටෝ එකක් එක්ක පහලින් Comment එකක් දාන්න අමතක කරන්න එපා.ඒ වගේම ගැටළු අවොත් අහන්න.ඔයාලගේ අදහස් එක්ක ඊළඟ පොස්ටුව ලියන්න මට ගොඩක් පහසු වෙන්ව. විශේෂයෙන්ම කියන්න ඕන මේවා ලියන්නේ Arduino කියන විෂයයත් එක්ක අලුතෙන් එකතු වුන අපේ යහළුවන් වෙනුවෙන් සහ නොදන්නා අය වෙනුවෙනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

SHOPPING CART

close